Type Here to Get Search Results !

Subscribe Us

පුංචි දරුවෙකුගේ අවාසනාවන්ත ඉරණම - හද කම්පා කරවන සිදුවීමක්

 


යාපනයේ කයිට්ස් ප්‍රදේශයෙන් හද කම්පා කරවන සිදුවීමක් වාර්තා වුණා. එකම එක වසරකුත් මාස නවයකුත් වයසැති පුංචි දරුවෙක්, නිවසේ තිබුණ ඩීසල් බෝතලයක තිබුණ දෙයක් සිසිල් බීමක් යැයි හිතා බිව්වා. කයිට්ස් පොලිසිය කියනවා, මේ දරුවා ඒ වෙලාවේ ජීවිතක්ෂයට පත්වුණා කියල.


පොලිසියට අනුව, මේ දරුවා නිවස ලඟ තිබුණ ඩීසල් බෝතලයක් දැකල, ඒකෙන් බොන්න ගිහින්. දෙමව්පියෝ ඒක දැකල කලබල වෙලා, වහාම දරුවාව කයිට්ස් රෝහලට ගෙනිච්චා. එතනින් වැඩි ප්‍රතිකාර ඕන නිසා යාපනය රෝහලට එක්කගෙන ගිහින් තිබුණත්, දරුවා හදිසියේම මාර්තු 23 වෙනිදා මියගිහින්. මේ පුංචි ජීවිතය ගෙවුණේ යාපනයේ කයිට්ස්, නාරාත්තනෙයි ප්‍රදේශයේ.


කයිට්ස් පොලිසිය දැන් මේ ගැන විමර්ශනයක් පටන් අරන්. මේ වගේ දේවල් ගැන ගෙවල්වල ඉන්න අයත් තවත් වගකීමෙන් ඉන්න ඕන කියල ජනතාව අතර කතාබහක් යනවා. පුංචි දරුවන්ට මේ වගේ අනතුරු වෙන එක හිතාගන්නවත් බැරි දෙයක්.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies