Type Here to Get Search Results !

Subscribe Us

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද ඇරඹෙයි

 


ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව මහජනතාවගෙන් අදහස් විමසීමේ දෙවන අදියර අද (27) සිට ආරම්භ වනවා. මහජන උපයෝගීතා කොමිසම පවසන පරිදි, මෙම අදියර ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.


මීට පෙර, මෙම අදහස් විමසීමේ පළමු අදියර මැයි 23 වැනිදා සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේදී සිදු කෙරුණා. මෙම සැසි 09ම ජුනි 3 වැනිදා දක්වා රට පුරා පළාත්වල පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, ඉදිරියේදී මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවලත් මෙම අදහස් විමසීම් පැවැත්වෙනවා.


මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසන්නේ, මෙම වාචික අදහස් විමසීමේ සැසි අවසන් වූ පසු, විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත කොන්දේසි ගැන අවසන් තීන්දුව ජුනි 6 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම, ලිඛිත අදහස් ජුනි 5 වැනිදා දක්වා භාර ගන්නා බවත් ඔහු සඳහන් කළා.


ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, 2025 ජුනි සිට දෙසැම්බර් දක්වා විදුලි ගාස්තු සියයට 18.3කින් වැඩි කළ යුතු බවයි. මෙම යෝජනාව මහජන අදහස් සලකා බලා අවසන් තීන්දුවකට එළඹීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම් වනවා.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies