ජපානයේ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් යුද්ධ නෞකාවක් 2025 මාර්තු 01 වන දින කොළඹ වරායට සේන්දු වුණා. "ASAHI" ලෙස නම් කර ඇති මෙම නෞකාව, සැපයුම් මෙන්ම සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙරටට පැමිණ තිබෙනවා.
මෙම නෞකාව Destroyer කාණ්ඩයට අයත් වන අතර, එහි දිග මීටර් 151ක් වනවා. නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය 202 දෙනෙකුගෙන් සමන්විතයි. මෙරට රැඳී සිටින කාලය තුළ, නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ අවට ඇති සුන්දර සංචාරක ස්ථාන බැලීමට යාමටත් සැලසුම් කරල තියෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන විදිහට, "ASAHI" නෞකාව සිය සැපයුම් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කරල අවසන් වුණාම, මාර්තු 03 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. මේ ආගමනය ශ්‍රී ලංකාවත් ජපානයත් අතර තියෙන මිත්‍රත්වයේ තවත් එක් පියවරක් ලෙස සලකන්න පුළුවන්.

