Type Here to Get Search Results !

Subscribe Us

හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

 


හෙරොයින් ග්‍රෑම් 6.95ක් සතු බවට සහ එය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ වරදකරු ලෙස වාර්තා වූ දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.


මෙම තීන්දුව ලබා දුන්නේ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (අප්‍රේල් 29)ය.


මෙම නඩුව සම්බන්ධයෙන් වාර්තාවන්නේ 2013 අප්‍රේල් 7 වැනිදා කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති බවයි.


දීර්ඝ විභාගයකින් අනතුරුව, එම චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වූ බවත්, ඒ අනුව වරදකරුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කළේය.


Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies