Header Ads Widget

Advertisement

ගැඩවිලි දියර පොහොර නිෂ්පාදනය

  • ගුණාත්මයෙන් ඉහළ ය.
  • පහසුවෙන් නිපදවිය හැකි.
  • නිෂ්පාදන වියදම අවම.
  • 100% කාබනික දියර පොහොරකි


ගැඩවිලි දියර පොහොර වල ප්‍රයෝජන.


✨️100%කාබනික දියර පොහොරක් ලෙස.

✨️ශාක වර්ධනය උත්තේජනය කරන හෝමෝන ද්‍රවණයක් ලෙස.

✨️වගා රෝග සහ පලිබෝධ වලින් ආරක්ෂා කරනයක් ලෙස.


ගැඩවිලි දියර පොහොර සාදා ගැනීමට යොදා ගන්නා ගැඩවිලි විශේෂය සොයා ගන්නා ආකාරය.


🎈කුණු ගොඩක් පාදා එය තෙත් කර ඒ මත සත්කාර (උක් හකුරු) ද්‍රාවණයක  පෙඟවූ ගෝනි කැබැල්ලක් දමන්න.

🎈සතියකින් බැලූවිට ගෝනි කැබැල්ල යටිපැත්තේ ගැඩවිලන් රාශියක් දැකිය හැක.

🎈එම ගැඩවිලන් අමු ගොම සහිත භාජනයකට දමන්න.


ගැඩවිල් දියර පොහොර සාදාගන්නා ආකාරය


💚භාජනයක් ගෙන එම භාජනය පතුල ට අඟලක් පමණ උසින් සිදුරක් කර කරාමයක් සවිකර ගන්න.

💚එම භාජනය ගඩොල් කැබලි කීපයක් මත උසින් සිටිනසේ  සෙවණ සහිත ස්ථානයක තබා ගන්න.

💚පළමුවෙන්ම අඟලක පමණ ප්‍රමාණයට කඩාගත් ගඩොල් කැබලි තට්ටුවක් අගල් 1-2 තරම් උසට අසුරන්න.

💚පසුව වැලි තට්ටුවක් අඟල් දෙකක් පමණ උසට අසුරන්න.

💚ඒ මත අඩි 1ක් පමණ උසට අමු ගොම තට්ටුවක් දමන්න

💚ඉන්පසු ක්ෂේත්‍රයෙන් ලබාගත් ගැඩවිලි පණුවන් එක් කරන්න. (සාමාන්‍යයෙන් ලීටර් 250 ක බඳුනකට ගැඩවිලන් 500ක් පමණ සුදුසුය.)

💚ඉන්පසු එයට ඉවතලන කාබනික ද්‍රව්‍ය බඳුන පිරෙන තුරු එකතු කරන්න

💚ඇටවුම තුළ ඇති ද්‍රව්‍ය දිනපතා තෙත් කරන්න නමුත් අනවශ්‍ය ලෙස තෙත් කිරීම යෝග්‍ය නැත

💚මෙලෙස තෙතමනය 85%, 90% පමණ වන සේ මෙම ඇටවුම මාස 1/2 - 2ක් පමණ තබා ගන්න.ඒ වන විට පණුවන් ගහනය තුන් ගුණයකින් පමණ වැඩි වේ.

💚මාස 1/2 - 2කට පසුව බඳුනට සවිකර ඇති කරාමය ඇරීමෙන් එක්වන පනු දියර ලබාගත හැක.

💚සෑම දිනකම උදෑසන ඉහළින් ඇති ජල බඳුන පුරවන්න මෙලෙස දින දහයක් පමණ නොකඩවා පණු දියර ලබාගත හැක.


භාවිතය


පනු දියර ද්‍රාවණය ශාකයට යෙදිය යුත්තේ එහි සංයුතිය 10% දක්වා තනුක කිරීමෙන් පසුවය.


සැලකිලිමත් වන්න.


🌿පණු දියර පොහොර සෑදීමේ මාධ්‍යයේ තෙතමනය ඉතා වැදගත් ය.

🌿ද්‍රව්‍යවල තෙතමනය පවත්වා ගැනීමට පමණක් ජලය යෙදීම වැදගත් වේ. මාධ්‍යයේ  ජලය වැඩි වූ විට ගැඩවිලන් ඉන් ඉවත් වී යයි මාධ්‍යයේ ජලය අඩු වූ විට ගැඩවිලන් විනාශ වී යයි.

🌿මෙම දියර පොහොරේ අන්තර්ගත ශාක වර්ධක හෝමෝන, ප්‍රතිජීවක ආදිය ආලෝකය නිසා විනාශ වේ එබැවින් හිරු එළියෙන් ආවරණය වන සේ  ගබඩා කළ යුතුය

🌿දිගු කාලයක් ගබඩා කර තැබීමේ දී පෝෂණ සංයුතිය වෙනස් විය හැක.

🌿වගා රෝග පලිබෝධ  ආසාදනය වීමෙන් පසු ගැඩිවිල් දියර පොහොර යෙදීමෙන් පලක් නැත. එය ආසාදනය වීමට පළමුව යෙදිය යුතුය.