Header Ads Widget

Advertisement

කෙසෙල් වගාවේ පළිබෝධ හානි



මියුසා ඇකියුමිනාටා / මියුසා බැල්බිසියානා යන උද්භිත විද්‍යත්මක නමින් හදුන්වනු ලබන කෙසෙල් පලතුරක් මෙන්ම ඵළවලුවක් වශයෙන් ද මෙරට භාවිතා කරයි.


කෙසෙල් වගාවේ අස්වැන්න කෙරෙහි බලපාන තවත් ඵක් සාධකයක් ලෙස කෘමි පළිබෝධකයන්ගේ හානිය සැලකිය හැකිය. ඵ් නිසා කෙසෙල් වගාවට බලපාන ප්‍රධාන කෘමි පළිබෝධකයන් හා ඔවුන් පාලනය කිරීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.


මගේ අධ්‍යයනය තුළ  ප්‍රධාන පළිබෝධකයන් 10 දෙනෙකු හඳුනා ගත් අතර පහතින් ඵ් ඵක් ඵක් පළිබෝධකයන් සවිස්තරව දක්වමී.


🌻 කෙසෙල් ගුල්ලා


කෙසෙල් වගාවේ ප්‍රධාන පළිබෝධකයකු වන කෙසෙල් ගුල්ලාගේ ආකාර දෙකකි. 


01. කෙසෙල් අල ගුල්ලා හෙවත් මුල්ගුල්ලා 👉


මෙම සත්ව විශේෂය ( කොස්මොපොලිටස් සෝඩ්ඩස්) ලෙස හැඳින්වෙයි. කෙසෙල් මුල් ගුල්ලා කලු පැහැති ශරීරයක් ඇති අතර මි.මී 10-14 ක් පමණ දිගය. පියාපත් අඳුරු පැහැයක් ගනු ලබන අතර ඵ්වා ශරීරය තරමටම දිගය. මෙම සතා පියාසර නොකරයි. වසර 2ක් පමණ ඡීවත් වේ. මුල් ගුල්ලා කෙසෙල් කෝමයේ හෝ කදෙහි පස ආසන්නයේ ඇති තුවාල වු ස්ථානවල සහ සිදුරු තුල බිත්තර දමයි. මෙම බිත්තර වලින් පිටවන කීටයන් කඳ හෝ අලය තුළට ඇතුළු වී ඵහි කොටස් ආහාරයට ගනිමින් ඡීවත් වේ. 


කෙසෙල් අල ගුල්ලා නිසා සිදුවන හානිය හදුනාගත හැකි අයුරු 👉


මෙම සතාගේ හානිය බාහිරව හදුනාගැනීම අපහසුය. ඵය නිශ්චිතව හදුනා ගැනීමට නම්  අලය කපා පරීක්ෂා කල යුතුය. නැතහොත් පදුරැවල මුල් අසල සිටින වැඩුණු ගුල්ලන් දැකීමෙන් ද හානිය ඇතිබව නිගමනය කළ හැකිය. 


කෙසෙල් ගසට සිදුවන බලපෑම


☘ කෙසෙල් ගස්වල වර්ධනය බාල වේ.

☘ පත්‍ර කහ පැහැයක් ගනී.


02. කඳ ගුල්ලා 👉


මෙම සත්ව විශේෂය ( ඔඩියොපොරස් ලොන්ඡිකෝලිස්)ලෙස හැඳින්වෙන යි. කඳ ගුල්ලා ප්‍රමාණයෙන් මුල් ගුල්ලාට වඩා විශාල ය. ශරීරය මි.මී 18-20 ක් පමණ දිගවන අතර රතු- දුඹුරු හෝ කලු පැහැති ය. දිලෙන සුලු ශරීරයකි. පියාපත් ශරීරයට වඩා කෙටියි. පියාසර කල හැකිය. ඡීවිත කාලය වසර 2කි. කඳ ගුල්ලා බිත්තර දමන්නේ කෙසෙල් කඳේ කැපුම් තුවාල හෝ සිදුරු තුළය. 


කෙසෙල් කඳ ගුල්ලා නිසා සිදුවන හානිය හදුනාගත හැකි අයුරු 👉


කෙසෙල් කඳේ පිලි ගැලවු පසු හානිය හෝ කීටයන් දැකගත හැකිය. මේ සිදුරුවලින් දියර වැස්සේයි.


කෙසෙල් ගසට සිදුවන බලපෑම 👉


☘ කඳ දුර්වල වී සුළඟක් හමන අවස්ථාවේ දී ගස කඩා වැටේ. 

☘ ගස් කහ පැහැ ගැන්වී වර්ධනය බාල වේ.

☘ කෙසෙල් කැන් ප්‍රමාණයෙන් කුඩා වේ.

☘ කෙසෙල් ගසේ ගොබ කුණුවීම.


කෙසෙල් අල ගුල්ලා සහ කඳ ගුල්ලා පාලනය කළ හැකි ආකාරය 👉


👉 නිරෝගී හොදින් පිරිසිදු කරන ලද මොරෙයියන් පමණක් සිටුවීම.

👉 වගාවට පිරිසිදුව තබා ගැනීම.

👉 කෙසෙල් කැන කපා ගත් පසු ගසේ කඳ පස මට්ටමට මඳක් පහළින් කපා ඉවත් කර පස්වලින් වසා දමන්න.

👉 කෙසෙල් උගුල් භාවිතය ඵනම් කෙසෙල් කඳ දික් අතට පලා කුඩා කොටස්වලට වෙන්කර කෙසෙල් ගස් අසලින් තබන්න ඵවිට කෙසෙල් ගුල්ලන් ආකර්ශනය වෙයි. පසුව ඵවා වීනාශ කර දමන්න.


03. පැළ මැක්කා 


කෙසෙල් ගසට හානි කරන පැළ මැක්කන් විශේෂ දෙකක් දැනට අප රටෙන් හදුනාගත හැකිය. ඵනම්, 

සර්ටොතිෂ්ස් සිග්නිපෙනිස් සහ තිප්ස් හවායියෙන්සිස් ය.මොවුන් කෙසෙල් කැන්වලට හානිකරයි. මි.මී 1.5ක් පමණ දිගය. සිරුර දුඹුරු පැහැති ය. 


පැළ මැක්කා නිසා සිදුවන හානිය හදුනාගත හැකි අයුරු 👉


කෙසෙල් ගෙඩි මත දුඹුරු පැහැති ලප ඇතිවීම. හානිය අධික වීම හේතුවෙන් කෙසෙල් ගෙඩිවල පොත්ත පිපිරී ද්වීතික ආසාදන හේතුවෙන් ගෙඩි කුණුවීම.


පැළ මැක්කා පාලනය කළ හැකි ආකාරය 👉


කෙසෙල් කැන වැටීගෙන ඵනවිට ආවරණයක් දැමීම. මඟින් 


04. පලතුරු මැස්සා


මෑතක සිට පලතුරු මැස්සා කෙසෙල්වලට ද වැදගත් පළිබෝධකයකු බවට පත්වෙමින් සිටී. මෙම පලතුරු මැස්සන් අතරින් කෙසෙල්වලට බහුල වශයෙන් හානි කරනු ලබන්නේ බැරැක්ටොසෙරා කැන්ඩියෙන්සිස් විශේෂයයි. මෙම කෘමියා ඉදී ඇති හෝ ඉදීමට ආසන්න අවස්ථාවේදී පොත්ත සිදුරු කර බිත්තර දමයි. 


පලතුරු මැස්සා නිසා සිදුවන හානිය හදුනාගත හැකි අයුරු 👉


මොවුන් කෙසෙල් ගෙඩියේ ඉදීගෙන ඵන මදය ආහාරයට ගනිමින් ඡීවත් වේ.කෙසෙල් ගෙඩි පලතුරු මැස්සාගේ හානියට යොමුව ඇති බව පිටතින් හදුනාගත නොහැකි ය.


පලතුරු මැස්සා පාලනය කළ හැකි ආකාරය 👉


☘ ප්‍රමාණවත් මට්ටමකින් මෝරා ඇති කෙසෙල් කැන් වහාම නෙලාගැනීම.

☘ කෙසෙල් කැන්වලට ආවරණයක් යෙදීම.


05. කුඹිත්තා


ඉතා කුඩා කෘමියෙකි. කෙසෙල් පැළවල සහ ගස්වල ලපටි පත්‍ර ආශ්‍රිතව දැකගත හැකිය. මොවුන් පත්‍රවලින්  යුෂඋරාබීම නිසා හානිය දරුණු අවස්ථාවලදී ගස්වල වර්ධනය බාල වේ.


මෙයට අමතරව මෙම සතුන්  කෙසෙල් වඳ පීදීමේ රෝගය පතුරුවන්නන්ද වේ.


කුඹිත්තා පාලනය කළ හැකි ආකාරය 👉


☘වගාව පිරිසිදුව පවත්වා ගැනීම .


06. සුදු මැස්සා


සුදු පැහැති කෘමියෙකි. බෝහෝවිට පත්‍ර යටිපස ඡීවත්වෙමින් යුෂ උරා බොයි. මොවුන්ගේ හානිය ඵතරම් හානි දායක නොවේ. නමුත් වෛරස් රෝග ව්‍යාප්ත කලහැකි නිසා සැලකිලිමත්ව සිටිම වැදගත් ය.


07. රේන්ද මකුණා 


මෙම සතාගේ පියාපත් හැඩය නිසා මෙම නම ලැබී ඇත.මොවුන්ගෙන් ද ආර්ථික හානියක් නොමැත.


08. පිටි මකුණා හා කොරපොතු කෘමීන්


මෙම සතුන් කෙසෙල් පත්‍රවල නටුව කදට සම්බන්ධ වන ස්ථානවල හා කදේ  පහළ පීලී අතර ඡීවත් වේ. මෙම සතුන් ද ශාකයේ යුෂ උරා බොයි. මෙම සතුන්ගෙන් ද ආර්ථික හානියක් නොමැත. නමුත් පිටිමකුණා විශාල හානියක් සිදුකරයි.


( පිටිමකුණා)


මෙම පිටි මකුණා කෙසෙල් කැන් මත,කද මත,පත්‍ර වෘන්තය (කෙසෙල් පිති) මත සිටී. තවද මෙම කෘමීන් පිටකරන සීනිමය ශ්‍රාවයන් ආහාරයට ගැනීමට ඵන කලු පැහැති කුහුඹුවන්ද දක්නට ලැබේ.


පිටිමකුණා නිසා සිදුවන හානිය හදුනාගත හැකි අයුරු 👉


☘ ශාක වර්ධනය බාල වීම

☘ කෙසෙල් කැන්වල ගුණාත්මක හාවය අඩුවීම.

☘ කෙසෙල් මොරෙයියන් දුර්වලව මිය යාම.


පිටිමකුණා පාලනය කළ හැකි ආකාරය 👉


☘ කෘමීන් ආසාදනය වී ඇති ශාක කොටස් හා පැල  ප්‍රදේශයෙන් පිටතට ගෙන යාමෙන් වළකින්න. 

☘ අධික ලෙස හානියට පාත්‍ර වී ඇති ශාක කොටස් කපා පුලුස්සා දමන්න.

☘ ආසාදිත වගාවල බිම වැටී ඇති කොළ රොඩු පුලුස්සා දමන්න. 


09. පත්‍ර කන කෘමීන්


මෙම සතුන් සමහර අවස්ථාවල දී පමණක් ආර්ථීකමය හානි ඇති කරයි. ස්පොඩොප්ටෙරා විශේෂයට අයත් කීටයින් සමුහ ලෙස වගාවේ පත්‍ර ආහාරයට ගෙන විශාල හානියක් කරයි.


පත්‍ර කන කෘමීන් පාලනය කළ හැකි ආකාරය 👉


ඵම පත්‍ර කොටස් කපා විනාශ කිරීම. ඵවිට බෝවීම වැලකෙයි.


10.වටපණු හානිය.


වට පණුවා ඉතා කුඩා සතකුවන අතර පියවි ඇසට නොපෙනෙයි. මෙම සතුන් පස් හා රෝපණ ද්‍රව්‍ය මඟින් පහසුවෙන්ම වෙනත් ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත වෙයි. කෙසෙල් වගාව ආශ්‍රිතව බෙහෙවින් හානිකරන වටපණු විශේෂ හතරක් හදුනාගත හැකිය. ඵනම් 

🤔      රැඩොෆොලස් සිම්ලස්

          හෙලිකොටයිලෙන්කස් මල්ටිසින්ක්ටස්

          මෙලොයිඩගයිනා විශේෂ

          රොටයිලෙන් කියුලස් රෙනිෆෝම්ස්


වටපණු හානිය පාලනය කළ හැකි ආකාරය 👉


☘ වගාව කිරීමට පෙර භූමිය ඡීවානුහරණය කර ගැනීම , කර දහයියා යෙදීම, ඡීව අගුරු පසට මිශ්‍ර කිරීම. 


Read More:




තොරතුරු  - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / පුවත්පත් 

සැකසුම - සඳනි මධුෂාණි සල්ගාදු