Type Here to Get Search Results !

Subscribe Us

ගෙවතු වගාවෙන් අපට ලැබෙන ප්‍රතිලාභ


🍀ගෙවත්තක් කියන්නේ මිහිපිට අප ජීවත්වන  නිවසට යාබදව පවතින අවට වටපිටාවටයි.


🍀අපි නිවස ආශ්‍රිතව පවතින භූමිය (ගෙවත්ත) තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා විවිධ බෝග වර්ග හා වෙනත් අංග අන්තර්ගත කොට ක්‍රමානුකූලව සකස් කර ගත හැකිය.


🌹ගෙවතු වගාවක් ආරම්භ කිරීමෙන් විවිධ ප්‍රතිලාභ ලගා කරගත හැකිය.🌹


1).තම පවුලට ප්‍රියජනක පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් සකසා ගැනීමට හැකි වෙනවා.


2) ඒ වාගේම වස විසෙන් තොර,රස ගුණයෙන් පිරි නැවුම් එළවළු,පලතුරු අවශ්‍ය වෙලාවට ලබා ගත හැකි වීම.


3) වෙළෙඳපොළත් සමඟ පවතින ගනුදෙනුව අඩු වීම නිසා පවුලේ ආර්ථික තත්වය ඉහළ යෑම.


4) ගෙවත්තේ බෝග වගා කිරීම නිසා නිතර නව වගා ක්‍රම අත්හදා බැලීමෙන් කෘෂි දැනුම වර්ධනය වීම නිසා අනාගතයේදී වාණිජ්‍ය වගාවක් සඳහා යොමුවීමට අත්වැලක් සැපයීම.


5) විවේක කාළය සතුටින් ගත කිරීමට හැකි වීම.


6)හොඳ මානසික සුවයක් ලැබෙනවා.


👍ගෙවතු වගාවට නැඹුරුවන ඔබට ඉහතින් සඳහන් කළ සියලු අත්දැකීම් විදගන්නට ලැබීමෙන් තම ජීවිතය ජය ගැනීමට හැකි වෙනවා.👍


සැකසුම

අනුෂ්කා පෙරේරා

 

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies