පසේ සිටින ක්ශුද්‍ර ජීවීන් සරුසාර කාබනික වගාවකට නම් ඉතා වැදගත් අංගයක්.Bacteria, Fungi , Protozoa සහ Nematods කියන මෙයලා තමයි පසේ ජීවත් වෙන ක්ශුද්‍ර ජීවීන්.නිරෝගී පස් අහුරක් අතට ගත්තොත් ලෝක මිනිස් ජනගහනයට වඩා මෙයාලා ඉන්නවා ඒ පස් ටිකේ.කොහොම උනත් මෙයාලගෙත් හොද නරක දෙගොල්ලොම ඉන්නවා.ශාකවලට අහිතකර වගේම හිතකර දෙගොල්ලොම පසේ ඉන්නවා.නමුත් අපි කාබනිකව වගා කරනවා නම් හිතකර ක්ශුද්‍ර ජීවීන්ට සුදුසු පරිසරයක් හදන්න ඕන.ඒ ගැන කලින් විස්තර ලිපි ගෙනත් තියෙනවා සහ ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියෙන් කතා කරන්නෙ කොහොමද ඔබේ ප්‍රදේශයේ පසට ගැලපෙන ක්ශුද්‍ර ජීවීන් හොයාගන්නෙ කියලා.
ඒ ඒ පරිසරය පද්ධතියට ගැලපෙන්න තමයි මේ ක්ශුද්‍ර ජීවීන් විශේෂ ඇති වෙලා ඉන්නෙ.හරියට රට රටවල පරිසරයට ගැලපෙන සත්තු ඉන්නවා වගේ තමයි.ලංකාවට ඔටුවෝ හරියන්නෙ නෑනේ කාන්තාර නැතිව.ඒක නිසා ප්‍රදේශයට ගැලපෙන ක්ශුද්‍ර ජීවීන් හොයාගත්තම කෝකටත් හොදයි.ඒ වගේම පුළුවන් තරම් ඉහළ ක්ශුද්‍ර ජීවීන් විවිධත්වයක් හදාගන්න එක වැදගත්.එක් වර්ගයක ක්ශුද්‍ර ජීවීන් පමණක් වගා කරගන්න ක්‍රමත් තියෙනවා ගොඩක්.නමුත් ඉහළ ක්ශුද්‍ර ජීවී විවිධත්වයක් තියෙනවා නම් ගොඩක් හොඳ නිසා මේ ක්‍රමවේදය ඔබට ගේන්නෙ.
මුලින් ම ඕන කරන දේවල් ටික පහලින්.
- ලී බඳුනක් (post images බලන්න)
- සහල් ස්වල්පයක්
- පේපර් සර්වියට්
- සෙලෝටේප්
- කුඩා කොටු සහිත දැල් කැබැල්ලක් (ලී බඳුන ආවරණය කරගන්න පුළුවන් තරමේ)
- පොලිතීන් කැබැල්ලක්
- දුඹුරු සීනි
- ගබඩා කරගැනීමට වසා තැබිය හැකි බඳුනක්
අවශ්‍ය ද්‍රව්‍ය හොයාගත්තාට පස්සෙ දැන් හොයාගන්න ඕන ක්ශුද්‍ර ජීවීන් බහුලව ඉන්න පරිසරයක්.මේකට නම් ඉතිං හොදම මිනිස් ක්‍රියාකාරකම් නැති කැලයක්.එහෙම නැත්තං සෑහෙන කාලයක් එලිපෙහෙලි නොකල කැලෑ වුන ඉඩමක්.අවුරුදු දහයකට විතර එහා මිනිස්සු ක්‍රියාකාරකම් නොවුන ස්භාවික පරිසරයක්.මේ වගේ පරිසරයක තමයි හොඳ ක්ශුද්‍ර ජීවී ගහණයක් තියෙන්නෙ.විශේෂයෙන් mycorrhizal වගේ දිලීර වර්ග හොදින් ඉන්න නම් වසර ගනනාවක් මිනිස් ක්‍රියාකාරකම් තොරවූ ගිනි ගැනීම්වලට ලක් නොවුණු ස්වාභාවික පරිසරයක් වෙන්න ඕන.තෝරාගන්නා පරිසරයේ බිම්මල් එහෙම දකින්න ලැබෙනවා නම් ඉතාමත් හොදයි.එහෙම පරිසරයක් හොයාගෙන ඊට පස්සෙ සෘජු ඉර එලිය වැටෙන්නෙ නැති ගහක් යට තැනක් තෝරගන්න.මේ තැන ඉතා වියළි හෝ වැඩි තෙතමනයක් නැති තැනක් වෙන්නත් ඕන.සාමාන්‍යයෙන් හිතකර ක්ශුද්‍ර ජීවීන් ඉන්නෙ නිර්වායු(anaerobic) තත්ව යටතේ ඒක නිසා මේවගේ හොඳ පාංශු පරිසරවල පස ස්වායූ(aerobic) තත්වයේ තියෙන නිසා හිතකර ක්ශුද්‍ර ජීවීන් බහුලයි.හරි ක්ශුද්‍ර ජීවීන් ඉන්න තැනක් හොයාගත්තා එහෙනම්.
ඊට පස්සෙ කරන්න ඕන සොයාගත් සහල් ටික උයාගන්න එක.බෙරි නොවන ගානට උයාගත් බත් ටික තෝරාගත් බදුනට දමාගන්න.බත් බඳුනට පුරවද්දී තද කරන්න එපා වාතයට ගමන් කරන්න පුළුවන් ආකාරයට පුරවන්න.බඳුනෙන් අඩකට වඩා පොඩි ප්‍රමාණයක් පිරවීම ප්‍රමාණවත්.
දැන් බඳුන ඔබ සොයාගත්ත පේපර් සර්වියට් වලින් වහන්න මේ පේපර් සවියට් ඇතුලේ තියෙන දේවල් එක්ක ගෑවෙන්නෙ නැති වෙන්න තියාගන්න.ඊට පස්සෙ සර්වියට් පේපර් බදුනට සිටින සේ ගැට ගසා ගැනීම හෝ සෙලෝටේප් ඇලවීම කරන්න.සතුන්ගෙන් ආරක්ෂා කරගන්න දැල් කෑල්ලෙන් ආවරණය කරගන්න.
දැන් ඔබ මුලින් තෝරා ගත් ස්ථානයේ මෙය තබා පොලිතීන් කැබැල්ලෙන් වසාගන්න.මොකද වැස්සෙන් මේක තෙමුනොත් ඒක අහිතකර දිලීර වර්ධනයට උදව්වක්.දැන් වට පිටාවේ දිරායන කොල කැබලි වලින් බදුන වටේට ආවරණය කරන්න බඳුන තැබීමට පෙර යටිනුත් මේ දිරාගිය කොල යොදන්න.බිම්මල් වගේ දිලීර වර්ධනය වුනු තැනකින් නම් ඒ කොල ගොඩක් හොදයි.
දැන් මේ බඳුනට දවස් 4-5 ක් ක්ශුද්‍ර ජීවීන් එකතු වෙන්න හරින්න.ඉතිං දවස් පහකට පස්සෙ ඇවිත් බලන්න ඔබේ ඇම වැඩ කරලාද කියලා.හොඳ ක්ශුද්‍ර ජීවීන් ඔබේ බඳුනට එකතු වෙලා නම් ලා අළු පැහැයෙන් හෝ සුදු පාටින් යුතු දිලීර වැනි යමක් ඔබේ බඳුනේ බත් සමඟ සෑදිලා තියෙන්න ඕන.දුඹුරු හෝ කලු පැහැ නම් බොහෝ දුරට ඔබේ උත්සහය අපතේ ගිහින්.අහිතකර ක්ශුද්‍ර ජීවීන් තමයි වැඩිපුර එකතු වෙලා තියෙන්නෙ ඔබේ ඇටවුමට.
හරි දැන් ක්ශුද්‍ර ජීවීන් සොයාගෙන ඉවරයි.දැන් මෙයාලාව කල් තියාගන්න පුළුවන් වෙන්න හදාගන්න ඕන.ඉතිං ඒකට තමයි දුඹුරු සීනී පාවිච්චි කරන්නෙ.ක්ශුද්‍ර ජීවීන් එකතු වෙච්ච බත් ප්‍රමාණයේ තරමටම සීනී එකතු කරගන්න ඕන.දුඹුරු සීනී යොදාගන්න එක අනිවාර්යයි.සුදු සීනී වල ක්ශුද්‍ර ජීවීන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය තියෙනවා.සක්කර හකුරු උනත් කුඩු කරලා ගත්තාට වරදක් නැහැ.සීනී සහ ක්ශුද්‍ර ජීවී ඇටවුමේ බත් එක ඒකාකාරීව මිශ්‍ර කරගන්න.නමුත් ක්ශුද්‍ර ජීවීන් ඉන්න බත් එක පොඩි කරලා තලලා මිශ්‍ර කරන්න එපා.
හරි දැන් මේක ඔබට කල් තියාගන්න පුළුවන්.සීනී මිශ්‍ර කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ තෙතමනය අඩු කිරීමයි.එතකොට ක්ශුද්‍ර ජීවී ක්‍රියාකාරකම් අඩු වෙනවා නමුත් මිය යන්නෙ නැහැ.මේ මිශ්‍රණය තරමක් තෙත ගතියෙන් යුක්තයි.නමුත් තෙතමනය අධික නම් තව අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න.මිශ්‍රණය බඳුනකට පුරවා පේපර් සර්වියට් එකකින් කට ගැට ගසා සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබාගන්න.ක්ශුද්‍ර ජීවීන් නිද්‍රා තත්වයේ තබාගැනීමට නම් සතියකට වරක් පමණ පරික්ශා කර තෙතමනය වැඩි බවක් හැඟෙනවා නම් මිශ්‍රණයට සීනී එකතු කරගන්න.
ඔන්න ක්ශුද්‍ර ජීවීන් හොයාගන්න විදිය කියලා දුන්නා හැමෝටම.නාගරික පරිසරයක ජීවත් වෙන අයට මේ ක්‍රමය ගැටලුවක්.එහෙම අයට වෙළදපොලේ මිලදී ගන්න පුළුවන් ක්ශුද්‍ර ජීවී ද්‍රාවණ සහ ක්ශුද්‍ර ජීවී දියර පොහොර තියෙනවා.facebook හරහා අලෙවිකරන අයත් ඉන්නවා පොඩ්ඩක් හොයලා බලලා ගන්න පුළුවන්.
Korean Natural Farming ක්‍රමවේදයක් තමයි මේ ඔයාලට ගෙනාවේ.ඉදිරි ලිපියකින් මේ ක්ශුද්‍ර ජීවීන් වගාවට එකතු කරන ආකාරය ගැන ලිපියක් ගේන්න බලාපොරොත්තු වෙනවා.
මේ වගේ දේවල් ගැන උනන්දු අයට අන්තර්ජාලයේ හොයලා බලන්න පුළුවන්.ගොඩක් තොරතුරු හොයාගන්න පුළුවන් උනන්දුවක් තියෙනවා නම්.
මෙවැනි කෘෂිකාර්මික ලිපි ඉදිරියටත් ගෙන ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. DUST ෆේස්බුක් පිටුවට LIKE කර පරිසර හිතකාමී වගා තොරතුරු පිළිබඳව දැනුවත් වන්න ඔබත් එකතු වන්න.
Read More:
බෝග වගාවේදී පාංශු ජීවීන්ගේ බලපෑම
පාංශු ජලය හා එය බෝග වගාවට වැදගත්වන ආකාරය
බෝග වගාවේදී පාංශු වාතයේ ඇති වැදගත්කම





