Header Ads Widget

Advertisement

අපනයන බෝග සඳහා අනුමත කාබනික දිලීර නාශකයක් හදාගන්නා ආකාරය

 


කාබනික වගාවේදී ඇති වන දිලීර රෝගවලට බොහෝ විට ගොවීන් කාබනික දිලීර නාශක භාවිතා කරන්නෙ නැහැ.බොහෝ විට කාබනික වගාවකදී කෘමි විකර්ශක පිලිබඳව පමණයි බොහෝ දෙනාට අවබෝධයක් තියෙන්නෙ.මේ ලිපියෙන් තොරතුරු ගේන්නෙ කාබනික වගාව සඳහා බොහෝ රටවල අනුමත කරන ලද කාබනික දිලීර නාශකයක්.


සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය,


 - කොපර් සල්ෆේට්(සිංහල බෙහෙත් කඩවලින් පල්මානික්කම් කියලා කිව්වාම ගන්න පුළුවන්)

 - අළුහුණු

 - සාදාගැනීමට බඳුනක්(ප්ලාස්ටික් බඳුනක් යොදාගන්න)

 - පිරිසිදු පිහියක්


මේ දිලීර නාශකය සාදා ගැනීමට හැකි අනුපාත කිහිපයක් දැක්වෙනවා.


අළුහුණු  :  පල්මානික්කම්  :  ජලය

     4          :            4                :     50

     2          :            4                :     50

     4          :            2                :     50


ජලය යොදාගැනීමේදී මිලිලීටර් 1ක් ග්‍රෑම් 1ක් ලෙස සලකන්න.


4 : 4 : 50 අනුපාතය සකසා ගන්න ආකාරය බලමු.


මුලින් පල්මානික්කම් කැට කුඩු කරගෙන හොඳින් ජලයේ දිය කරගන්න ඕන.පල්මානික්කම් 100g ජලය ලීටර් 6ක දිය කරගන්න.(ප්‍රමාණය වැඩි නම් අනුපාතයට ගැලපෙන ලෙස අඩු කරගන්න පුළුවන්)


ඉන්පසු අළුහුණු 100gක් ද ජලය ලීටර් 6ක දියකරගන්න.ඉන්පසු පල්මානික්කම් මිශ්‍රණය ටිකෙන් ටික අළුහුණු මිශ්‍රණයට එකතු කරගන්න.(ලෝහ බඳුන් යොදාගැනීමෙන් බඳුන සමඟ ප්‍රතික්‍රියා කිරීම සිදුවන නිසා ප්ලාස්ටික් බඳුනක් යොදාගැනීමට සැලකිලිමත් වෙන්න)


කවලම් කරගත් මිශ්‍රණයට පිහි තුඩ යොදා බලන්න.එවිට තඹ අවකේෂ්ප පිහි තුඩේ ඇතිවිය යුතුයි.


මෙසේ සකසා ගත් මිශ්‍රණය දිලීර ආසාදිත ශාකවලට ස්ප්‍රේ කිරීමට යොදාගැනීම සිදුකල හැකියි.


සාදාගත් පසු කල්‍තබා ගැනීම සිදු කල නොහැකි නිසා වගාවට යොදන අවස්ථාවේ සකසාගන්න.


මෙම මිශ්‍රණයේ ඇති සල්ෆර් දිලීර නාශකයක් මෙන්ම මිරිස් වගාවේ කොළ කොඩ වීමට හේතුවන සමහරක් රෝග කාරයන්ටද අහිතකරයි.එමෙන්ම තඹ සහ සල්ෆර් යනු ශාකවල වර්ධනයට අවශ්‍ය ක්ශුද්‍ර මූලද්‍රව්‍ය දෙකක්.


කොහොම උනත් කාබනික වගාවේදී උනන්දු විය යුත්තේ රෝග ඇති වූ පසු රෝග පාලනයට නොව රෝග ඇති නොවීමට වග බලාගැනීමටයි. මේ නිසා කෘමි විකර්ශක මෙන්ම දිලීර නාශකයක් සති දෙකකට වරක් ශාක සඳහා යොදාගැනීමට හැකි නම් රෝග ඇති වීම් අවම කරගන්න පුළුවන්.


තොරතුරු වැදගත් උනා නම් තවත් මේ වගේ තොරතුරු දැනගන්න Green Dust - Eco friendly agriculture ෆේස්බුක් පිටුවට LIKE කරලා තියාගන්න.