Header Ads Widget

Advertisement

අවුලකපෝර කුරුමිණි හානිය

 ගෙවතු වගාව කරන අපිට විවිද  වර්ගයේ කෘමිහානි එනවා.මීට කලින් ලිපිවල කාබනික කෘමිවිකර්ශක කීපයක් හදාගෙන ඒව පාලනය කරගන්න හැටි මම ඔයාලව දැනුවත් කරා මතක ඇති..🐞🐜🦗


අද දවසෙත් බොහෝ දෙනෙකුට තියෙන කෘමි හානියක් හා ඒ සඳහා පිලියම් කලහැකි සරල විසඳුම් කීපයක් අරන් මම ඔයාලගෙ ගෙවත්තට ආවා..😊


ඔයාල දන්නව ඇති මේ අවුලකපෝරා කුරුමිනිය නිසා සිදුවන වගාහානිය පිලිබඳව .සමහරවිට මේතත්වය ගෙවත්තෙ තිබ්බත් මෙය මේහානියමයි  කියල නොදන්න අයත් ඇති.😥ඉතින් ඒ නිසා මේගැනයි අද ඔයාලව දැනුවත් කරන්න හිතුවෙ.📢📢



මේ අවුලකපෝර කුරුමිනිය නිසා ඇතිවන මේ වගා හානිය සෑම ගෙවත්තකම වගේ ඔබේ වගාවට එන හානියක්.ඒ වගේම විශාල ගැටලුවක්😥

කැකිරි, පිපිඥ්ඥා, වට්ටක්කා, බටු, කරවිල, බන්ඩක්ක වගේ බෝගවල වැඩි වශයෙන් මේහානිය දකින්න ලැබෙනවා.ඒක අපි අඳුනගන්නෙ,මේ බෝගවල  පත්‍ර වල හිල් හිල් වගේ දකින්න පුලුවන් ..මම දක්වල තියෙන චායාරූප හොඳින් නැරඹුවොත් මේ කුරුමිනියන් විශේෂ ය හා එම වගා හානිය සිදුවන ආකාරය ඔයාලට හඳුන ගන්න පුලුවන්.🐞🐞🐞🐞


👉අපිට මේ.ගැටලුව ,මේ කුරුමිනි හානිය පාලනය කරගන්නපුලුවන් කාබනික ක්‍රම කීපයක් මම අද දවසෙ ඔයාලට කියල දෙන්නම්....


🐞🔥එකක් තමයි වැස්ස නැති වේලාවක් බලල සබන් දියකරපු වතුර හොඳට පත්‍ර වලට ස්ප්‍රේ කරන්න.ඊටපස්සෙ ඒ මතට අලු ටිකක් ඉහින්න.


🐞🔥තවත් ක්‍රමයක් තමයි,අනෝදා ඇට 100g අරගෙන ඒක හොඳින් කොටල සබන් කුඩුතේ හැඳි දෙකක් එක්ක වතුර ලීටර් එකක් දියකරල පැය 12 ක් ඒක පල්වෙන්න තියන්න.ඊට පස්සෙ,ත්වත් වතුර ලීටර එකක් එක්ක මේක හොඳින් කලවම් කරල පෙරල අරන් පත්‍ර වලට උඩ හා යටි පැත්තට ස්ප්‍රේ කරන්න.

👉ඒවගේම තමයි අවුලක පෝර කුරුමිනිහානියට වගේම ඉහත අනෝදා ඇට  මිශ්‍රණය ඔයාලගෙ වගාවට එන සුදුමැස්සාගේ හානියටත් යොදාගන්න පුලුවන් .


👉🐞🔥මේ හානිය මර්දනය කරන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි,දුම්කොල දෙකක් පොඩි කෑලිවලට කපල කොහොඹ කොල අහුරු දෙකක් එක්ක හොඳට කොටල සබන් කුඩුත් තේ හැඳි දෙකක් දියකරල පෙරල තවත් වතුර ලීටර දෙකක් එක්ක දිය කරල පෙරල අරන් පත්‍රවල උඩ හා යටට  ස්ප්‍රේ කරන්න පුලුවන් .


👉🐞🔥ඒ වගේම තමයි සුදුලූනුයි,රතුලූනුයි,ගස්ලබු ඇටයි,සමාන ප්‍රමාන වලින් අරගෙන,හොඳට අඹරලා,වතුර ලීටරයකට කලවම් කරල පෙරල ස්ප්‍රේ කරන්නත් පුලුවන් .


👉🐞🔥මේ විකර්ශකය න් යොදන අතරෙ අනිවාර්යයෙන් මේ ක්‍රමයත්  සිදුකරන්න පුලුවන් නම් ඔයාල තවත් සාර්තක යි.

ඒ තමයි කහපාට ඉටිකොල,අරන් පොඩිපොඩි වැල් විදියට හදල ඉටිකොලේ දෙපැත්තෙම හොඳට ග්‍රීස් ගාල ඔයාලගෙ වගාවෙ තැනින් තැන එල්ලන්න.ඒකත් එක උගුල් ක්‍රමයක්.


👉🐞🔥අනිත් කාරනාව තමයි,පසෙහි ජලවහනය ඉතා දියුනු කලයුතු අතරම,වගාව අවට පස අවුස්සා දැමීමත් වඩා සුදුසුයි.


දැන් ඔයාලට පුලුවන් මේ හානිය හදුනගන්න වගේම,සාර්තක ව මර්දනය කරගන්න .,ඒ නිසා ගෙවත්ත හොඳින් නිරීක්ෂණය කරන්න.මේ හානිය දකින්න පුලුවන් වෙනව බොහෝවිට.

ඉදිරියෙදි ත් තවත් වටිනා ලිපියකින් වගා හානි සදහා විසදුම් ගෙන එන්නම්.


නයෝමි රාජරත්න