Header Ads Widget

Advertisement

ගොඩක් අය නොදන්න - මේ කාලෙ දකින්නත් අඩු පළතුරක කතාව - පලු

 


පලු ගස් අඩි අසූවක් සීයක් උසට වැඩෙන අතු පතර විහිදී ගිය විශාල වෘක්ෂය කි. පල හටගන්නේ   අවුරුද්දකට එක් වතාවකි  මෙය ආයුර්වේද ඖෂධීය ගුණයෙන් යුත් පලතුරකි. 

 පානම පත්තුවේ ගම්මුන්  විනෝදාංශයක්  වශයෙන් පලු බැද්දේ යෑම විශේෂ  දෙයකි ආදායම් මාර්ගයක් වශයෙනුත් කිව හැක.

 මාදන්නා තරමට පවුල් දහයක් විස්සක්. පමන  එකතු වී කලින් කතාබස් කරගෙන පලු බැද්දේ යන්නේ කරත්ත වලින් සහ අත්ට්‍රැක්ටර් වලිනි 

 

බත්මුල් බැදගෙන හෝ උයන පිහන බඩුත් කරත්තවල පටවනගෙන උදේ පාන්දරම  පිටත්වන මේ නඩය  ඇලක් ලග හෝ  කලපුවක් ලග වාඩි ලාගෙන

කාන්තා පාර්ශවය කෑම පිළියෙල කරති අවශ්‍ය නම් කලපුවෙන් මාලු දැල් ගහගන්නත්. පුලුවන් කම තිබේ.


මේ අතරතුර පිරිමි පාර්ශවය  පලු වීර ගස් උඩ නැග අතුකපා බිමට හෙලති 

කාන්තාවන් එම අතුවල තිබෙන කහ    වර්ණයෙන් යුතු ඉදුණු පලු සහ රතු වර්ණය ඇති වීර  තම තමන්ගේ 

  මලු වලට පුරවාගෙන රෑ බෝවෙන්න කලින් නිවෙස් වලට  යන්නේ හරිම සතුටිනි .


✍️ Jayanthimala Thilakarathne