• කොස් සිහින්ව කපාගන්න.
• ජීවාණුහරණය කරගත් වීදුරු බෝතල් වලට කපා ගත් කොස් අසුරා ගන්න. ( ජෑම් බෝතල් හෝ ඊට විශාල ප්‍රමාණයේ මූඩි සහිත බෝතල් යොදා ගත හැක )
• 3% ලුණු ද්‍රාවණය බෝතල් වලට දමන්න. ( මූඩියේ නොගෑවෙන ප්‍රමාණයට ඇතුළත ලුණු ද්‍රාවණය පුරවන්න )
• කොස් කැබලි පිරවූ බොතල් සිරස් අතට වතුර භාජනයක බෝත්ලයේ උසින් 2/3 හෝ 3/4 වැසෙන සේ තබා ( water bath ) මූඩිය විවෘත කර පැය භාගයක් පමණ වතුර භාජනයේ නටවා ගන්න.
• පසුව බෝතල් ඉවතට ගෙන මූඩි වසා තබන්න.
• කිසිම කෘතිම කල්තබාගැනීමේ රසායනික ද්‍රාවණයක් අඩංගු නොවීම මෙහි ඇති විශේෂ වාසියකි.
පරිභෝජනයට පිළියෙල කරගන්නා ආකාරය
සාමාන්‍ය ව්‍යංජනයක් ලෙස සකස් කරගන්න. ( ලුණු අඩුවෙන් භාවිතා කරන්න ) අවුරුද්දක් පමණ කල් තබාගෙන පරිභෝජනයට ගත හැකිය.
3% ලුණු ද්‍රාවණය සාදා ගන්නා ක්‍රමය
- ලුණු ග්‍රෑම් 30 ගන්න. වතුර ලීටරයක දිය කර ගන්න.
බෝතල් හා මූඩි ජීවාණුහරණය කිරීම
• බෝතල් හා මූඩි හොඳින් පිරිසිදු කරගන්න.
• ඇල් වතුර භාජනයකට බෝතල් සහ මූඩි දමන්න.
• භාජනය ලිපේ තබා නටන උෂ්ණත්වයට ( 100°C ) විනාඩි 25 බෝතල් සහ මූඩි තම්බා ගන්න.
වැදගත්
මූඩිය විවෘත කර වතුර භාජනයේ ( water bath ) බෝතල් රත් කරන විට බෝතලේ මැද උෂ්ණත්වය 80°C පැමිණිය යුතුයි. ( Exhaust method )
කල් තබා ගැනීමේ කාලය මාස - 12

