අද (22) පෙරවරුවේ කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සිදු වුණා. එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිදුවීම පෙරවරු 10:00ට පමණ සිදු වුණු බව පොලිසිය කියනවා.
මෙම ව්‍යාපාරිකයා 37 හැවිරිදි අංජන නම් පුද්ගලයෙක්. ඔහු දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක යෙදෙනවා. සැකකරුවන් දෙදෙනෙක් රතු පැහැති ස්කූටර් යතුරුපැදියකින් ඔහුගේ නිවසට ඇවිත් තිබෙනවා. ඔවුන් මෝටර් රථයක ලිපි ලේඛන ගෙනත්, ඒවා යටතේ මුදල් ලබා ගන්න ඕනෑ කියල පවසල තිබෙනවා.
නමුත් ව්‍යාපාරිකයාට මේ දෙදෙනාගේ හැසිරීම ගැන සැකයක් ඇති වෙලා. ඒ නිසා ඔවුන් නිවසට ඇතුළු වුණු ගමන්, ඔහු දුරස්ථ පාලකයකින් ගේට්ටුව වහල දාල තිබෙනවා. එතකොට සැකකරුවන් නොසන්සුන් වෙලා ව්‍යාපාරිකයාට වෙඩි තියන්න හදල තිබුණත්, ගිනිඅවිය ක්‍රියාත්මක වුණේ නැහැ. පස්සේ ව්‍යාපාරිකයා ඔවුන් එක්ක පොරබදල තිබෙනවා. එතකොට සැකකරුවන් ඝාතන උත්සාහය අතහැරල පැනල යන්න හැදුවා.
නමුත් ගේට්ටුව වහල තිබුණු නිසා, ඔවුන් අඩි 9ක් විතර උස තාප්පයකින් පැනල තියෙනවා. ඒ වෙලාවේ එක් සැකකරුවෙකුගේ කකුලක අස්ථියක් කැඩිල ගිහින්. ඔහු තාප්පයෙන් එහා පැත්තට වැටිල ඉන්නකොට, තමන්ගේ හිසට වෙඩි තියාගන්න හැදුවත් එතනදිත් ගිනිඅවිය වැඩ කරල නැහැ. පස්සේ ප්‍රදේශවාසීන් කටුනායක පොලිසියට ආරංචි කරල තිබෙනවා.
පොලිසිය එතනට ගිහින් තාප්පය ලඟ වැටිල හිටපු, අම්පාරේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගත්තා. ඔහු ලඟ තිබුණු රිවෝල්වරයක්, ඒ සඳහා උණ්ඩ 5ක්, 9mm පිස්තෝලයකට යොදන පතොරම් 9ක් තියෙන ගැබක්, ඒ වගේම 9mm පිස්තෝලයක හිස් පතොරම් ගැබකුත් පොලිසියට හම්බුණා. මේ සැකකරුවා තුවාල ලබල තිබුණු නිසා, ඔහුව මීගමුව මහ රෝහලට ඇතුළත් කරල තියෙනවා.
අනෙක් සැකකරු 9mm පිස්තෝලයක් එක්ක තාප්පයෙන් පැනල පැනල ගිහින්. ඔහු මීගමුවේ පදිංචිකරුවෙක් බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා. ඔහුව සොයන්නත්, මේ සිදුවීම ගැන තව තොරතුරු හොයන්නත් කටුනායක පොලිසිය දැන් විමර්ශන කරනවා.

