Type Here to Get Search Results !

Subscribe Us

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමට හේතුව වතිකානය හෙළි කරයි



 වතිකානය නිවේදනය කරනවා, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වුණේ ආඝාත තත්ත්වයක් නිසා ඇති වූ හෘදයාබාධයකින් බව. වෛද්‍යවරුන් කියනවා, ඒ තත්ත්වයෙන් පසුව කෝමා තත්වයකට ගිහින් හෘද සංසරණය බිඳවැටීමක් නිසා උන්වහන්සේ මිය ගිය බව. මේ ගැන නිල වාර්තාව වතිකානයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා වන ආච්චාන්ජලි විසින් නිකුත් කරල තිබෙනවා.


වෛද්‍ය වාර්තා අනුව, පාප්වහන්සේට බ්‍රොන්කයික්ටේස්, අධි රුධිර පීඩනය, දෙවන වර්ගයේ දියවැඩියාව වගේම ද්විත්ව නියුමෝනියාව නිසා ඇති වූ උග්‍ර ශ්වසන ගැටලුවක ඉතිහාසයක් තිබුණා. උන්වහන්සේට නිදන්ගත පෙනහළු රෝගයකුත් තිබුණු අතර, තරුණ වියේදී එක් පෙනහලක කොටසක් ඉවත් කරල තිබුණා. 2025 පෙබරවාරි 14 වන දින උන්වහන්සේ රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළා, ඒ බ්‍රොන්කයිටිස් තත්ත්වයක් නිසා. පසුව ඒක ද්විත්ව නියුමෝනියාව දක්වා වැඩි වුණා. එතැන් සිට රෝහලේ දින 38ක් ගත කළා, ඒ උන්වහන්සේගේ වසර 12ක පාප් පදවියේ දීර්ඝතම රෝහල්ගතවීම ලෙස සැලකෙනවා.


මාර්තු 23 වන දින රෝහලෙන් පිට වුණත්, ඔහුගේ අවසන් මහජන දර්ශනය වුණේ පසුගිය ඉරිදා, එනම් 2025 අප්‍රේල් 20 වන දින ශාන්ත පීතර චතුරශ්‍රයේදී. එදා උන්වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියෙන් කෙටි සුබ පැතුමක් ලබා දුන්නා. 2025 අප්‍රේල් 21 වන දින උදෑසන 7:35ට, එනම් පාස්කු සඳුදා දින, උන්වහන්සේ වතිකානයේ තම නිවසේදී, 88වන වියේදී ස්වර්ගස්ථ වුණා.


මේ අතර, පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සව සඳහා තීරණ ගන්න කාදිනල්වරුන්ගේ මණ්ඩලය අද (22) වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී රැස් වෙනවා. ඒ වගේම, පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමත් එක්ක වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කරල තිබෙනවා.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies