Type Here to Get Search Results !

Subscribe Us

කොළඹ ලැගුම්හලකදී ඝාතනය වූ කාන්තාවකගේ නඩුව: විත්තිකරුට මරණ දඬුවම

 


2015 වසරේ කොළඹ හෙට්ටි වීදියේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර, ඇගේ මෘත දේහය ගමන් මල්ලක බහා, කොළඹ බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළක දමා ගිය සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.


මෙම නඩුව දීර්ඝ විභාගයකින් පසුව, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් විත්තිකරුව වරදකරු බව තීන්දු කරල තිබෙනවා. විත්තිකරු තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ පවසා තිබුණත්, පැමිණිලිකරු ඉදිරිපත් කළ සාක්ෂි හා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුණු බවත්, ඒ අනුව ඔහුට මරණ දඬුවම හිමි වන බවත් විනිසුරුවරයා තීන්දුව දෙමින් සඳහන් කළා.


මෙම සිදුවීම 2015 ජූලි 29 වන දින සිදු වුණු එකක්. ‘ධර්මරාජා කාර්තිකා’ නම් කාන්තාව එදින හෙට්ටි වීදියේ ලැගුම්හලකදී ඝාතනයට ලක්වුණා. ඇයගේ මෘත දේහය ගමන් මල්ලක දමා බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළක දමා ගියේ ‘පැට්‍රික් ක්‍රිෂ්ණරාජා’ නම් පුද්ගලයෙක් බවට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරල තිබුණා. ඒ අනුව, මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී විභාග වුණා.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies