පාකිස්ථානයේ තොරතුරු හා විකාශන අමාත්‍ය ආටාඋල්ලා තාරාර් ප්‍රකාශ කළේ, ඉන්දියාව ඉදිරි පැය 24 සිට 36 ඇතුළත පාකිස්ථානයට එරෙහිව හමුදාමය ප්‍රහාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු තමන්ට ලැබී ඇති බවයි. මෙම චෝදනාව පැමිණ ඇත්තේ, 2025 අප්‍රේල් 22 වන දින ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් හිදී සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පසුවයි. ඉන්දියාව මෙම ප්‍රහාරයට පාකිස්ථානය වගකිව යුතු බවට චෝදනා කර තිබෙනවා.
අමාත්‍ය තාරාර් සඳහන් කළේ, ඉන්දියාව මෙම ප්‍රහාරය “පාකිස්ථානයේ සම්බන්ධය පිළිබඳ පදනම් විරහිත චෝදනා” මත ප්‍රහාරයකට යොදා ගන්නා බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවැනි ඕනෑම ප්‍රහාරයකට පාකිස්ථානය “දැඩි හා තීරණාත්මක” ප්‍රතිචාරයක් ලබා දෙන බවත්, එහි ප්‍රතිවිපාකවල වගකීම ඉන්දියාවට භාර වන බවත්ය. මේ අතර, පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍ය ඛවාජා මුහම්මද් අසිෆ් ද පවසා ඇත්තේ, ඉන්දියාවෙන් ප්‍රහාරයක් “ආසන්න” බවයි.
මෙම චෝදනාවලට ඉන්දියාවේ විදේශ හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. දෙරට අතර ආතතිය ඉහළ යාමත් සමඟ, ඉන්දියාව සහ පාකිස්ථානය එකිනෙකාට එරෙහිව දැඩි පියවර රැසක් ගෙන තිබෙනවා. ඉන්දියාව පාකිස්ථාන ගුවන් යානා සඳහා තම ගුවන් සීමාව වසා දමා ඇති අතර, පාකිස්ථානය ද ඉන්දියානු ගුවන් යානා සඳහා තම ගුවන් සීමාව වසා දමා තිබෙනවා. ඒ වගේම, ඉන්දියාව විසින් 1960 ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමටත් පියවර ගෙන තිබෙනවා.

