Type Here to Get Search Results !

Subscribe Us

හිටපු ඇමති දයා ගමගේට අයත් ආයතන තුනක් වෙන්දේසියට

 


හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් - දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, හා ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් - ප්‍රසිද්ධ වෙන්දේසියකට ලක් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර ඇත. මෙම තීන්දුව, කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් හා නියෝජ්‍ය පිස්කල්ගේ බාරිකාවෙන් 2022 නොවැම්බර් 10 වන දින ලබාදුන් නඩු තීන්දුවකට යටත්ව ගෙන ඇත.


මෙම ආයතන තුන වෙන්දේසියට ලක් කිරීමේ ප‍්‍රධාන හේතුව, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට ගෙවිය යුතු රුපියල් 108,309,342ක ණය ගෙවීමට අපොහොසත් වීමයි. එම මුදලෙන් රුපියල් 4,080,000ක් පමණ වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා, ඉතිරි රුපියල් 104,229,342ක මුදල එම ආයතන විකිණීමෙන් අයකර ගැනීමට තීන්දු කර ඇත.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies