Type Here to Get Search Results !

Subscribe Us

බීමත් රියදුරෙකුගේ නොසැලකිල්ලෙන් සහෝදරියන්ට දිවි අහිමිවෙයි

 


2025 ජුනි 15 වන ඉරිදා රාත‍්‍රි 9:25ට පමණ, හොරණ-කොළඹ මාර්ගයේ කෝරලඉම ප‍්‍රදේශයේ පදික මාරුවකදී, බීමතින් සිටි 28 හැවිරිදි රියදුරෙකු ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරින්, එක් කාන්තාවගේ 11 හා 17 හැවිරිදි දියණියන් දෙදෙනාද චරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.


හොරණ - කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ ඥාතී අවමගුල් නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු යළි ඒ ආන්නයේ පිහිටි තවත් ඥාති නිවසකට යාමට පදික මාරුව මතින් ගමන්කරමින් සිටියදී ඊයේ රාත්‍රී 9.25ට පමණ අනතුරකට ලක්ව තිබුණි. එම කාන්තාවන් වන 45 හැවිරිදි සුරංගිකා දමයන්ති (හේන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරිණිය) හා ඇගේ 50 හැවිරිදි සහෝදරිය වන ශිරෝමි මාලා ප‍්‍රනාන්දු (බේරුවල මාගල්කන්ද, අලුත්හේන ප‍්‍රදේශයේ තිදරු මවක) යන තිදෙනාම තුවාල ලබා වෑතර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එහිදී සුරංගිකා එම රෝහලේදීම මියගොස් ඇති අතර, ශිරෝමි මාලා ප‍්‍රනාන්දු ඉන්පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද්දේද එහිදී ඇයද ජීවිතක්ෂයට පත්ව ඇත.


සුරංගිකාගේ 11 හා 17 හැවිරිදි දියණියන් දෙදෙනා රපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. රියදුරා, තම 3 හැවිරිදි දියණිය සමඟ කොතුවක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති වයි. අනතුරෙන් පසු ඔහු තම දියණිය අසල නිවසක රඳවා, සැඟවී සිට ඇති අතර, පොලීසිය පැමිණි විට භාරවී තිබෙනවා.


මොරගහහේන පොලීසිය පවසන ආකාරයට, රියදුරා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති චවයි. ඔහු අද (2025 ජුනි 16) හොරණ මහෙස්ත‍්‍රාත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies