Header Ads Widget

Advertisement

ඉඟුරු වගාවෙන් ලාබ ලබමු

ඉඟුරු වගාව පිළිබඳව අධ්‍යනය කරමු Iguru Ginger ඉඟුරු


මහෞෂධ ලෙස හැඳින්වෙන ඉඟුරු ශාකයේ නිජබිම ඉන්දියාවයි. ඉඟුරු වගාව ඉතා කුඩා ඉඩකඩක් හා සුලු ආයෝජනයකින් ආරම්භ කළ හැකි අතර මාස 9ක් වැනි කෙටි කලකින් ඵලදාව නෙලාගත හැකිය.


👉 බීඡ ඉඟුරු අල අවශ්‍යතාවය


සෙ.මී 120×300 (අඩි 4×10) පරිමාණයේ පාත්තියකට බීඡ අල කිලෝ 1 1/2 ක් පමණ අවශ්‍ය වේ. සෑම විටම නීරෝගී බීඡ ලබා ගන්න.


👉 ඉඟුරු පාත්ති සැකසීම ( පියවර වශයෙන්)


1 - සෙ.මී 120×300( අඩි 4×10) පරිමාණයේ පාත්ති සකස් කරගන්න.

2 - ඵය වටා සෙන්ටිමීටර් 30ක් පමණ ගැඹුරු කාණුවක් සකසා ගන්න.

(ගෙවත්තේ පවතින ඉඩකඩ අනුව පාත්තියේ දිග සුදුසු පරිදි වෙනස් කරගත හැක. )

3 - අඩි ඵකක් තරම් ගැඹුරට මාධ්‍ය යොදන්න. 

4 - පාත්තිය මතට කර දහයියා සහ කාබනික පොහොර අවම වශයෙන් 5kg ක් ඵකතු කරන්න. 

5 - ඉඟුරු බීඡ සිටුවීමට පෙර සෙවන සහිත ස්ථානයක තබන්න. 

6 - පරතරය සෙ.මී 25 (අගල් 10) වන ලෙසින් සිටුවා ගන්න. 


👉 බදුන්ගත (පොලිසැක් මලුවල ) ඉඟුරු වගාව (පියවර වශයෙන්)


1 - කිලො 25 / කිලෝ 50 පරිමාණයේ පොලිසැක් මලු ගන්න.

2 - ඉඟුරු බීඡ අල 50g / 100g එක බෑගයකට සැහේ.

3 - මාධ්‍ය සැකසීම ( වැලි,කොම්පෝස්ට්, කොහුබත්,මතුපිට පස්,ගොම පොහොර)  සමාන අනුපාතයට ගන්න.

4 - ඉන්පසු මල්ලේ මතුපිට බීජ අල ප්‍රමාණය කොටස් 3කට බෙදා අගල් 3ක් ගැඹුරින් සිටුවා ගන්න.

5 - වසුන් දමන්න.


👉 අස්වනු නෙලීම 


☘ ඉඟුරු ගස් පරිණත වන විට ගස් වියලී යයි. ඵවිට අස්වනු නෙලිය හැක. අස්වනු නෙලීම  දෙසැම්බර්,ඡනවාරි සිදු කරයි.


👉 වැළදෙන රෝග 


☘ අල කුණුවීමේ දිලීර රෝගය 

☘ අල කුණු වීමේ බැක්ටීරියා රෝගය

☘ ඉඟුරු කඳ පණුවාගේ හානිය


👉 රෝග පාලනය 


☘ මාධ්‍ය ඡීවානුහරණය කර ගන්න. 

☘ කුඩා මොටෙයි මතු වු අල කැබලි සිටුවන්න.

☘ පසට අලු හෝ අගුරු මිශ්‍ර කරන්න. 

☘ හානි වී ඇති ගස් උගුලා පුලුස්සා දමන්න. 


සැකසුම - සඳනි මධුෂාණි සල්ගාදු