
මිරිස් පැල වගා කරන බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ මිරිස් පැල කුඩා කාලයේදිම ගොළුබෙල්ලන් විසින් කා දැමීම, විවිධ කෘමි හානි ඇති විම, මිරිස් ගසේ කොළ කොඩ විම සිදු වීම ආදිය ඉන් ප්‍රධාන වේ.
අපි මේ කියන්නට යන්නේ ඔබ කවුරුත් මුහුණ දෙන මිරිස් කොළ-කොඬ වීම නතර කර ගැනීමට හැකි අපුරු දියරයක් ගැනයි. මේ කියනන්ට යන දියරයෙන් ඔබට දින තුනෙන් මේ මිරිස් ගස් වල කොළ කොඩවීම නතර කර ගැනීමේ හැකියාව තිබෙනවා. මිරිස් වගාවේදි මුහුණ දෙන මේ ප්‍රධානම ගැටළුව වන කොළ කොඬ වීම ඇති වන්නේ කෘමි සතුන් විසින් මිරිස් ගසේ පත්‍ර වල යුෂ උරා බීම නිසා වේ.
නැතිනම් මිරිස් ගසට එන වෛරසයක් හේතුවෙන් වේ. කෘමින් නිසා ඇතිවන කොළ කොඩවිම නතර කර ගැනීම සදහා ඔබට කළ හැකි මේ ක්‍රමය නිසා ඔබගේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම සදහා ඔබ ආශාවෙන් සිටවන මිරිස් පැල ටික බේරා ගැනීමට හැකි වේ. කොළ කොඩවීම නතර කරන මේ දියරය සැබැවින්ම කාබනික කෘමි විකර්ශකයක් වේ.
මේ දියර සදා ගැනීමේදී ඔබට භාවිතා කළ හැකි ප්‍රධාන ද්‍රව්‍ය වන්නේ දුම් කොළ නැටි වේ. මේ දුම් කොළ නැටි කුඩා කැබලි වලට කඩා වතුර ලීටර් 3ක ප්‍රමාණයක් භාජනයකට දමා සුළු වේලාවක් මේවා භාජනය තුළ පෙගෙන්නට සැලැස්විය යුතු වේ. ඉන් පසු මෙයට ග්‍රැම් 20 ප්‍රමාණය සබන් කැටයක් එකතු කළ යුතු වේ. රෙදි සේදීම සඳහා ඔබ භාවිතා කරන ඕනෑම සබන් වර්ගයක් මේ සදහා භාවිතා කළ හැක.
ඉන් පසු මේ භාජනය විනාඩි 25 පමණ මද ගින්නේ තැබිය යුතු වේ. ඉන් පසු උතුරන ප්‍රමාණය වන තෙක් මෙය රත් වීමට තබා මේ මිශ්‍රණය සුළු වේලාවක් නිවෙන්නට හැර මේ මිශ්‍රණයට දෙහි හෝ නාරං වැනි පැගිරි වර්ගයේ යුෂ මෙයට එකතු කළ යුතු වේ. ඉන් පසු හොදින් කලවම් කරන ලද මේ මිශ්‍රණය පෙරා වෙන් කර ගත යුතු වේ.
මේ ආකාරයෙන් සදා ගත් මිශ්‍රණය එක් වර අදාල මිරිස් වගාවට යෙදීම නොකළ යුතු වේ මෙහිදි මේ මිශ්‍රණයට ජලය මිශ්‍රකොට වගාවට ඉසිම කළ යුතු වේ. මේ මිශ්‍රණයට ජලය එකතු කිරිමේදි 1 : 4 අනුපාතයකට මෙයට ජලය එක් කළ යුතු වේ.ඉන් පසු ඔබට ස්ප්‍රේ බෝතලයක් මගින් කොළ කොඩවී ඇති මිරිස් වගාවට ඉසීම කළ හැක.
එහිදි කොළ වල දෙපැත්තටම ඉසිය යුතු වේ. මෙහිදි දවසක් ඇර දවසක් සවස් වරුවේ මේ දියර ඉසීම කළ යුතුය. මේ දියරය මගින් ඔබට දින තුනකින් පමණ මේ කොළ කොඩ වීම නතර කර ගැනීමේ හැකියාව ඇත. ආශාවෙන් ඔබ සිටවන මිරිස් පැල ටික ආරක්ෂා කර ගන්න ඔබ විසින් මේ ක්‍රමය අත්හදා බැලීම සිදු කරන්න. ඔබටත් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගත හැකි වේවි.
