Type Here to Get Search Results !

Subscribe Us

කාබනික කෘමි විකර්ෂකයක් පහසුවෙන්ම හදා ගනිමු

          ඔබේ වගාවට කූඹින්ගෙන් කූඩිත්තන්ගෙන් කරදරයි ද? ඇයි අපි දුක්වෙන්නෙ?හදමු අපි කාබනික කෘමි විකර්ශකයක්. මෙන්න! අපට ලේසියෙන් ම හදාගන්න පුළුවන් සරල කෘමි විකර්ශක දියරයක්.


අවශ්‍ය ද්‍රව්‍ය:-


      කොච්චි 100g

      සුදුලූනු බික් 01

      පොඩි ඉඟුරු කෑලි 01

      සීනි තේ හැ‍ඳි 01

      ජලය ලීටර 01

      පියන සහිත භාජනයක් 


සාදන ක්‍රමය :-


      කොච්චි 100gයි සුදුලූනු බික් 

      එකයි ඉඟුරු කෑල්ලයි සියල්ල   

      ම එකට දමා හොඳින් අඹරා 

      ගන්න.අඹරා ගත් මිශ්‍රණය 

      භාජනයට දමා එයට ජලය 

      ලීටරය එක් කර හොඳින් දිය

      කරන්න.එයට ම සීනි තේ 

      හැන්දත් දමා සීනි දිය වන 

      තුරු කලවම් කරන්න.මෙම 

      මිශ්‍රණය පැය 24ක් 

      පල්වෙන්න තියන්න.


Kochchi thalapa කොච්චි තලපය





භාවිත කරන ආකාරය:-


      පැය 24 කට පසු මිශ්‍රණය 

      හොඳින් කලතා පෙරා ගන්න.

      මෙම දියරයෙන් කොටස් 1කට

      ජලය කොටස් 5ක් මිශ්‍ර කර 

      තනුක කිරීමෙන් පසු වගාවට 

      ස්ප්‍රේ කරන්න.


වගාවට ස්ප්‍රේ කරන ආකාරය: -

      ශාක පත්‍රවල උඩ පැත්තට හා 

      යට පැත්තට පින්න ලෙස 

      සිටින සේ දියරය ස්ප්‍රේ 

      කරන්න.

      කෘමින් පැමිණ වගාවට 

      හානි කරන්නෙ සවස් කාලයේ

      දී නිසා කෘමි විකර්ශක දියර 

      සවස් කාලයේ ස්ප්‍රේ කිරීමෙන් 

      වඩාත් හොඳ ප්‍රතිඵල ලබා 

      ගත හැකි වේ.


මෙම ලිපි මාලාවෙන් ඔබගේ වගාවන්ට හානිකර කෘමින් හා වෛරස් රෝග මෙන් ම දිලීර රෝග ද සඳහා භාවිත කළ හැකි කාබනික කෘමි විකර්ශක පිළිබඳ ව ඔබ දැනුවත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

    නැවත හමුවෙමු තවත් කාබනික කෘමි විකර්ශකයක් පිළිබඳ තොරතුරුත් සමඟින්.


   සැකසුම:- චන්ද්‍රානි මනතුංග

Top Post Ad

Below Post Ad

Hollywood Movies