ඔබේ වගාවට කූඹින්ගෙන් කූඩිත්තන්ගෙන් කරදරයි ද? ඇයි අපි දුක්වෙන්නෙ?හදමු අපි කාබනික කෘමි විකර්ශකයක්. මෙන්න! අපට ලේසියෙන් ම හදාගන්න පුළුවන් සරල කෘමි විකර්ශක දියරයක්.
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොච්චි 100g
සුදුලූනු බික් 01
පොඩි ඉඟුරු කෑලි 01
සීනි තේ හැඳි 01
ජලය ලීටර 01
පියන සහිත භාජනයක්
සාදන ක්‍රමය :-
කොච්චි 100gයි සුදුලූනු බික්
එකයි ඉඟුරු කෑල්ලයි සියල්ල
ම එකට දමා හොඳින් අඹරා
ගන්න.අඹරා ගත් මිශ්‍රණය
භාජනයට දමා එයට ජලය
ලීටරය එක් කර හොඳින් දිය
කරන්න.එයට ම සීනි තේ
හැන්දත් දමා සීනි දිය වන
තුරු කලවම් කරන්න.මෙම
මිශ්‍රණය පැය 24ක්
පල්වෙන්න තියන්න.
භාවිත කරන ආකාරය:-
පැය 24 කට පසු මිශ්‍රණය
හොඳින් කලතා පෙරා ගන්න.
මෙම දියරයෙන් කොටස් 1කට
ජලය කොටස් 5ක් මිශ්‍ර කර
තනුක කිරීමෙන් පසු වගාවට
ස්ප්‍රේ කරන්න.
වගාවට ස්ප්‍රේ කරන ආකාරය: -
ශාක පත්‍රවල උඩ පැත්තට හා
යට පැත්තට පින්න ලෙස
සිටින සේ දියරය ස්ප්‍රේ
කරන්න.
කෘමින් පැමිණ වගාවට
හානි කරන්නෙ සවස් කාලයේ
දී නිසා කෘමි විකර්ශක දියර
සවස් කාලයේ ස්ප්‍රේ කිරීමෙන්
වඩාත් හොඳ ප්‍රතිඵල ලබා
ගත හැකි වේ.
මෙම ලිපි මාලාවෙන් ඔබගේ වගාවන්ට හානිකර කෘමින් හා වෛරස් රෝග මෙන් ම දිලීර රෝග ද සඳහා භාවිත කළ හැකි කාබනික කෘමි විකර්ශක පිළිබඳ ව ඔබ දැනුවත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.
නැවත හමුවෙමු තවත් කාබනික කෘමි විකර්ශකයක් පිළිබඳ තොරතුරුත් සමඟින්.
සැකසුම:- චන්ද්‍රානි මනතුංග





