
පාරම්පරික හෙළ වෙදකමේ පැළ මදයට ඉහළ තැනක් හිමි වේ.
විශේෂයෙන් පිළිකා මර්ධනය කිරීමට ඉහළ ගුණයක් පැළ මදවල ඇත. පිළිකා රෝගීන්ට මුල් අවධියේදීම පැළ මදවල කුඩා ඒවා කෑමට දීමෙන් පිළිකාව පැතිරීම පාලනය කරගත හැක.
දේශීය ඖෂධයක් වශයෙන් පැළ මද හඳුන්වාදීමට හැකි අතර පාරම්පරික වෙදකමේදී කසාය සමඟ පැළ 🥥 මද භාවිතා කර ඇත. එයින් පිළිකා රෝගය විනාශ කළ පුරාණයේ සිට මෑත කාලය දක්වා වෙදකමේ යෙදී සිටින අය දනී.

හදවත් රෝගයට ද ගුණයක් මේ තුළ ඇති බවත් අස්ථි වර්ධනයට පැළ මද තුළින් විටමින් ලබාදෙයි. හදවත් රෝගී අයට පැළ මද තරමක ප්‍රමාණයේ පැල 🥥මදය ඉතාම හොඳයි. රුධිර ගමන් කිරීම වේගවත් කරයි. රුධිර කැටි දියකර වේදනාව තුනී කිරීමට හා හදවත ක්‍රියා කරවීමට විශේෂ හැකියාවක් පොල්මදය තුළ ඇත.
ශරීරයේ රුධිර ගමනාගමනයට ඉහළ ශක්තියක් ඇති කරයි.
රුධිරය හිරවීම රුධිරය අධික ඝනවීම වැනි රෝග වලට ඔසු ගුණයක් ලබාදෙමින් අතුරු ආබාධයන් මගහැරීමට පැළ මදවලට හැකියාවක් ඇත.

ඇදුම සහ හතිය අයට කුඩාම පැළ මද ගුණයක් ඇති කරයි. හතියට හා ඇදුමට ප්‍රතිශක්තියක් පැළ මද තුළ ඇත. ඩ්‍රැගන් ෆෘට්වලට වඩා ගුණයක් පැළ මද තුළ ඇති අතර ශරීරයේ ජලය රැකගැනීමටත් සමට නිසි ලෙස ජලය ලබාදීමටත් සමත්වේ.
දේශීය පාරම්පරික වෛද්‍ය දේශබන්දු ඩී.පී.ඒ. පාලින්ද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී..
