Type Here to Get Search Results !

Subscribe Us

බිම් මල් කල්තබා ගැනීම



   අපි සියලූ දෙනා ප්‍රිය කරන නැවුම් බිම් මල් තබාගත හැක්කේ සීමීත දින ගනනක් පමනයි.අපි බිම් මල් කල්තබා ගත හැකි ක්‍රම කිහිපයක් විමසා බලමු.

🍄 බිම් මල් වියලීම 
🍄බිම් මල් පවුඩර්
🍄බිම් මල් සොසේජස්
🍄බිම් මල් මෝජු
🍄බිම් මල් බයිට්
🍄බිම් මල් සීනි සම්බෝල
🍄බිම් මල් බිස්කට්
🍄බිම් මල් බෝතල් කීරීම

 බිම් මල් සොසේජස්


අවශය දේ-
▪️අමු බිම් මල් 800g
▪️සෝයා පිටි හෝ කඩල පිටි 200g
▪️කෝන් ඔයිල් 50g
▪️සුදු ලූනු,ඉගුරු,කරාබු නැටි,එනසාල්,සාදික්කා,ලුනු,ගම්මිරිස් තමන්ට රස අවශය පමන
 
සාදන අයුරු-
 පිරිසිදු කර කුඩාවට කපාගත් බිම් මල් කෝන් ඔයිල්(එලවළු තෙල්) තවරා හුමාලයෙන් තම්බා ගන්න.තම්බාගත් බිම් මල් හොදින් බෙලෙන්ඩර් කරගන්න.එම පේස්ට් එකට සෝයා පිටි හා ඉතිරි කුලු බඩු රස අනුව අවශය පමන දමා හොදින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු එම මිශ්‍රනය සොසේජස් හැඩයට සකස් කර විනාඩි 20 ක් හුමාලයෙන් තම්බා ගන්න.

බිම් මල් වියලීම

  
  බිම් මල් කුඩා කොටස් වලට කඩා ගෙන ලුනු මිශ්‍ර උනු වතුරේ විනාඩි 5ක් පමන දමා විජලන යන්ත්‍රයක් ආධාරයෙන් හෝ අව්වේ වේලා ගන්න.

බිම් මල් පවුඩර්

  
  වියලා ගත් බිම් මල් අඹරා ගන්න.සුලං නොවදින ලෙස අසුරා ගන්න.මෙම බිම් මල් පව්ඩර් සුප් වර්ග සැකසීමට වගේම විවිධ ආහාර සැකසීමට යොදාගත හැකියි.

බිම් මල් බයිට්


අවශය දේ -

▪️බ්ම් මල් 250g
▪️කෝන් පිටි 50g
▪️කඩල පිටි 50g
▪️රට කජු
▪️කරපිංචා
▪️සුදු ලූනු,මිරිස් කුඩු, ලුනු කුඩු

සාදන අයුරු -

බිම් මල් සෝදා වතුර මිරිකා ගන්න.පොඩි තීරු ඉරා ගන්න.කෝන් පිටි හා කඩල පිටි එකට මිශ්‍ර කර බිම් මල් තීරු එහි දවටා විනාඩි 10 ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න.උනුවෙන්ම මිරිස් කුඩු,ලුනු 2:1 අනුපාතයට මිශ්‍ර කරගන්න.(මේ ආකාරයටත් ආහාරයට ගත හැකියි).කුඩාවට කපාගත් කරපිංචා,සුදු ලූනු සහ රට කජු වෙන වෙනම බැද බිම් මල් මිශ්‍රනයට එක් කරන්න.


සැකසුම- අයේෂා දිල්රුක්ෂි 

Top Post Ad

Below Post Ad

Hollywood Movies