Type Here to Get Search Results !

Subscribe Us

ඔස්ට්‍රේලියාවේ තිබෙන 'බඩගිනී' නගරය ගැන අසා තියෙනවාද !!! 😲😲😲

 

ඔස්ට්‍රේලියාවේ තිබෙන 'බඩගිනී' නගරය ගැන අසා තියෙනවාද badaginie town Australia

'බඩගිනී' (badagini/baddagini) යන සිංහල වචනයෙන් හදුන්වන නගරයක් ඔස්ට්‍රේලියාවේ ඇත. 😳😳😳

මෙම නගරය පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවෙ Victoria ප්‍රාන්තයේය. ගම්බද කුඩා නගරයක් වන බඩගිනී නගරයේ 400 (465 ක්) කට අධික ජනතාවක් වාසය කරනවා.මෙම නගරය ආශ්‍රිතව ඊසානදිග ඔස්ට්‍රේලියානු දුම්රිය මාර්ගය වැටී තිබෙනවා.


මෙම නගරයට 'බඩගිනී' යන සිංහල නම දැමීම පිලිබදව අපූරු කතා 2 ක් පවතිනවා.ඉන් එකක් වන්නේ 1860 වසරේදී ඔස්ට්‍රේලියානු ඊසානදිග දුම්රිය මාර්ගය (මෙල්බර්න් සිට සිඩ්නි දක්වා ) සෑදීම සදහා පැමිණි ශ්‍රී ලාංකීය කම්කරුවන් පිරිසකට අඛණ්ඩව ආහාර සැපයීමට එහි පරිපාලකයින් අසමත් වී තිබෙනවා.එහිදී එහි සිටි ශ්‍රී ලාංකීය කම්කරුවන් 'බඩගිනී' යනුවෙන් කෑ මොර දී තිබෙනවා. එ් සිදුවීම අනුව එම නගරයට 'බඩගිනී' යනුවෙන් නම තබා ඇති බව සදහන් වෙනවා.


එමෙන්ම 'බඩගිනී' නගරයට බඩගිනී යන සිංහල වචනයෙන් නම තැබීම පිළිබදව ඇති අනෙක් කතාව වන්නේ ,බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත්වූ සිංහල භාෂාව ගැන යම් අවබෝධයක් තිබූ ඔස්ට්‍රේලියානු මිනින්දෝරුවෙකු Victoria ප්‍රාන්තයෙන් යන විට ඔහුට බඩගින්නක් දැනී තිබෙනවා.එහිදී ඔහුට සිහිවෙලා තියෙන්නේ 'බඩගිනී' යන සිංහල වචනයයි.ඒ අනුව ඔහු විසින් එම කුඩා නගරය 'බඩගිනී' යන ලාංකීය වචනයෙන් නම් කර තිබෙනවා.


කොයිම අයුරින් 'බඩගිනී' නගරවට නම වැටුනත් ඔස්ට්‍රේලියාවෙ නගරයක් ලාංකීය වචනයකින් හැදින්වීම අතිශයින්ම අපූරුය. 😲😲😲


🖋️- Priyadarshana Basnayaka -

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies