Type Here to Get Search Results !

Subscribe Us

කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න..

 


   වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහිතගේ ගෙදරම හදා ගමු වර්ගයේ නාථ දෙයියන්ගේ බොරු වට්ටෝරු නොවේ.හරියටම අත්හදා බලපුවා.ප්රතිඵල සහතිකයි..ඔයාලත් කරලා බලන්න.



Top Post Ad

Below Post Ad

Hollywood Movies