
ඔබත් උදේට කිරි පිටි බොන්න පුරුදු වූ කෙනෙක්ද?
එය මග හරවා ගන්න බැරිව සිටින ඔබට මෙන්න රස ගුණ පිරි කැඳ පානයක් .
දේශීය ධාන්‍ය වලින් පිරිසිදුවට නිවසේදීම ඔබටත් සකසා ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කඩල
මුං ඇට
උඳු
සව් හාල්
රතු කව්පි
සුදු කව්පි
රස අනුව ලුනු
සීනි
වියලි මිදි
පොල් කිරි
සුදුලූනු
ඉගුරු
එනසාල්
කරාබු නැටි
මා ගත් ප්‍රමාණයන් මේ පහල පින්තූරයේ ඇත.
නමුත් සව් හාල් ,සීනි සහ වියලි මිදි පින්තූර ගැනීමට නොහැකි වුනා.
ප්‍රමාණයන් ඔබ පවුලේ සාමාජිකයන් ගනන අනුව ගන්න.
මම නම් මැනිලි, කිරිලි මොකුත් නෑ හිතේ මිම්ම තමයි.😀
මෙම ධාන්‍ය සියලු වර්ග අවශ්‍යත් නෑ. නිවසේ තියෙන කීපයක් එකතු කර ගත්තත් ඇති.
ධාන්‍ය වර්ග පැය දෙක තුනක් පෙගෙන්න දාන්න.
සාදන ක්‍රමය:-
- පලමුව පෙගෙන්න දැමූ ධාන්‍ය වර්ග තම්බා ගන්න.
- කැඳ හදන භාජනයට අවශ්‍ය පමණට වතුර දමා ලිප තබන්න.
- වතුර නටන විට, ඉගුරු සුදුලූනු හීනියට කපා දාන්න. එනසාල්,කරල් දෙකක් සහ කරාබු නැටි දෙකක් කුඩු කර එක් කරන්න.
- පසුව සෝදා ගත් සව් හාල් ටික ලිප ඇති භාජනයට දමන්න.
- සව් තැම්බී ගෙන එන විට, තම්බා ගත් ධාන්‍ය වර්ග සියල්ල එයට එක්කර රස අනුව ලුනු කුඩු, සීනි දමා කලවන් කරන්න.
- විනාඩි කීපයකට පසුව එයටම පොල් කිරි එකතු කරන්න. හොඳින් නටවා ලිපෙන් බා ගන්න. පසුව වියලි මිදි ස්වල්පයක් දමා කැඳ එක රස කර ගන්න.
ඔන්න ඔබේ උදේ කිරි තේ එක වෙනුවට ,ගුණයෙන් අනූන , කොල කැඳ වලට ප්‍රිය නැති සැමටම රසම රස කැඳ එක ලෑස්තියි.
