Type Here to Get Search Results !

Subscribe Us

"අංගවීර" කෙසෙල්


 
දේශීය කෙසෙල් වර්ගයක් වන අංගවීර අතීත රජවරුන්ගේ ජනප්‍රිය පළතුරකි. ප්‍රධාන ආහාරයෙන් පසු අතුරුපස සදහා අංගවීර කෙසෙල්  රජුට තැබිය යුතුයි කියා ජනප්‍රවාදයේ සදහන්..

හොදින් වැඩුණු කෙසෙල් කැනක ගෙඩි 12 ත්15ත් අතර ඇති අතර කෙසෙල් මුවක් නැත.


මෙම කෙසෙල් එක් ගෙඩියක එළු මස් කිලෝවක ගුණ අඩංගුබව සැලකෙනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පළතුර කෙසෙල් වන නමුත් මෙම අංගවීර කෙසෙල් වර්ගය ඉතාමත් දුර්ලභ වේ.එයට හේතුව වන්නේ මෙම කෙසෙල් වර්ගය නිවසක සිටුවුවහොත් නිවසියන්ට අපල ගෙනදේ... යන මිත්‍යා මතය නිසායි.

අංගවීර කෙසෙල් 100 g ක් සැලකූ කල එහි ශක්තීය කිලෝජුල් 371ක් අන්තර්ගතයි .කාබෝහයිඩ්‍රේට් 23 g ක්ද තන්තු 3g කට ආසන්න ප්‍රමාණයක් ද මේදය  0.33ක්ද ප්‍රෝටීන 1g ක්ද අන්තර්ගතයි . විටමින් A, විටමින් B1,B2, B3, B5, B6 යනාදිය සමන්විත අතර ෆොලේට්ද සැලකිය යුතු ප්‍රතිශතයක් අඩංගුවේ. ෆොලේට් යනු ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම ලැබිය යුතු පෝෂණ සංඝටකයකි.

පිලිකා මර්දන හැකියවක් මෙහි අඩංගුවන අතර අම්ලපිත්ත රෝගය සුවකර වකුගඩු ආශ්‍රිත රෝග සුවකිරීමේ සාධකයක්  මෙම කෙසෙල් වර්ගය සතුව ඇත.

ඒ වගේම පුරුෂ ශක්තිය වර්ධන කරන හැකියාවෙන් ඉහල බව අංගවීර කෙසෙල් සැලකෙනවා....

Top Post Ad

Below Post Ad

Hollywood Movies